Abhishawera Maatha

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-624-00-0458-9
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Indrani Weerasingha
Published Year 2019
Book Weight 160.00 Grams
Book Size 21.5X14X0.5cm
Pages 120

වත්මන් නවකතා සාහිත්‍යයේ, ඉතිහාසය රසය ද සමඟ කැටිකොට ප්‍රතිනිර්මාණය කළ නවකතා දුලබ බව පිළිගත හැකි කරුණකි. ඉන්ද්‍රානි වීරසිංහ නම් ගත් කතුවරිය අභිශවෙර මාතා කෘතිය තුළින් ඉතිහාසය මහත් අභිරුචියකින් යුතුව කියවාගැනීමට හැකිවන පරිදි නම නිර්මාණය සමාජයට දායාද කිරීම අගය කළ යුතු සමාජ මෙහෙවරකි. ඓතිහාසික සේරු රාජධානියේ පුරා විදයමක වටිනාකම් සහිත සේරුවිල මංගල මහා සෑය, රමණීය සේරුවිල විල, විම් වෙහෙර, සිව්දහස් ගල් පාලම, ලංකා පට්ටන – ඉලංගතුරෙයි වරාය, ශෛල පබ්බතය පිහිටි මනරම් නුවර සහ තඹවිට නගරය, ආරාම කන්ද සෙනසුන, විවේකාරාම පුදබිම්, වරාහසොණ්ඩය, ඇතුළු මිශ්මිඳුනලාව යන ස්ථාන වෙත ස්වකීය පර්යේෂණ තුළින් පාඨකයා මනස් චාරිකාවක ගෙන යමින් සොයාගත් කාවන්තිස්ස රජුගේ රන්දෝලිය ලෙස පිළිගත හැකි අතිශවෙර දේය දර්ශනය කොට සම්භවනීයත්වයට පත්කිරීමට ඇය ගත් කටුසර වෑයම අගය කළ යුතු වන්නේය. ඓතිහාසික හෙළ බිම එ ක්සත් කිරීමේ භාරධූර කාර්යට පණ පෙවූ කාවන්තිස්ස නිරිඳු, වෙහෙර දේය, දුටුගැමුණු යන උතුංග චරිතවලට හානියක් නොවන පරිදි ඉතාමත් ප්‍රවේශමෙන් යුතුව ඓතිහාසික මූලාශ්‍ර ගළපා ග්‍රට් සාහිත්‍යයේ පළමුවරට අභිශවෙර දේවියට පණ පොවා ඇති බව කිව යුතුය. අතීත සිද්ධීන් ගෙනහැර පෑමට ඇය විසින් භාවිත කොට ඇති මන බඳින පුරාතන බස්වහර සප්‍රාණික චරිත හා සොඳුරු සිත්තම් මැවීමට සමත්ය.

0.98$