Ayoma – Dewana kotasa
2.50$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
955-20-0306-7 |
Publisher |
S.Godage & Brothers (Pvt) Ltd |
Author Name |
Denagama Siriwardana |
Published Year |
2015 4th print |
Book Weight |
320.00 Grams |
Book Size |
21.7×14.2×1.3cm |
Pages |
233 |
අයෝමා දෙවන කොටස -දෙනගම සිරිවර්ධන හම්බන්තොට සාන්ත මේරි මහ විදුහලේ ගුරුවරයකු සහ දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතේ විශේෂාංග රචකයෙකු ද ලෙස සිටි මා හමුවීමට ගොවියෙකු, ධීවරයෙකු, ගුරුවරයකු, ශිෂ්‍යයකු නෑයකු, මිතුරකු මිස ලොක්කෝ නොආහ. එහෙත් ඇය නිමිති කොට පුවත්පතට නවකතාවක් ලියන්න යන බව ඇසූ ලොක්කෝ බොහෝ දෙනෙක් මහ රෑ මගේ නිවසේ දොරට තට්ටු කළහ. නීතිඥයෝ, විදුහල්පතිවරු, අධ්‍යාපන නිලධාරීහු, සාමදාන විනිශ්වකාරයෝ,පුජකයෝ, ඉංජිනේරුවෝ, දේශපාලනඥයෝ ඒ අතර වුහ. “මිස්ට දෙනගම, අර ගෑනි අපි ගැනත් මුකුත් කියල තියෙනවද?” ඔවුහු මගෙන් ප්‍රශ්න කළහ. මම අපහසුවෙන් සිනාව පාලනය කර ගතිමි. “ඔව් ඔව් ටිකක් ටිකක්” මම කියමි. “අනේ මිස්ට, දන්නෙ නැද්ද කෑවම බිව්වම වෙන දේවල්.ඔය කතාවෙ මගේ නම තියෙනව නම් කපා දමන්න.”ඔවුහු බැගෑපත් වූහ. සිනාසෙන්නට නොව ඔවුන්ගේ ගෙල මිරිකා දමන්නට තරම් වෛරයක් මා තුළ එදා ඇතිවිය.මන්ද? ඔවුන් ඇයගෙන් සිය ආසාවන් සංසිඳුවාගෙන ඇය හප කොට සමාජයේ පාතාලයට තල්ලු කල හෙයිනි.ඔවුන් සිය හෙළුව සදාචාරයේ සුදෙන් වසා ලොවම රවටන හෙයිනි. ඇය නිමිති කොට මේ නවකතාව ලියවුණේ 1982 දීය.එය සති 88 ක් තිස්සේ නවලිය කාන්තා පුවත්පතේ පළවිය. මේ කතාවට නිමිත්ත වූ ඇය හමුවූයේ දිවයින ඉරිදා සංග්‍රහය නිසාය. මහා මාර්ග දෙපාර්තමේන්තුව විධායක නිලධාරියකු පිළිබඳව ඒ පුවත්පතේ පළවිය.ඔහු මහජන මුදල් රුපියල් ලක්ෂ ගණන් ගසා කෑ හැටි ඒ මුදල් ගණිකාවන් සඳහා ද වැය කළ හැටි ඒ ලිපියෙන් කියැවිණ.නිලධාරියා සිය චරිතය කෙලෙසුණ බව කියා පුවත්පතට එරෙහිව නඩු මඟට බැස්සේ ය.එඉදෙඑ ඔහු ඇසුරු කළ ඔහුගෙන් මුදල් නොලැබුණු ඇය ඔහුට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වූවාය. ඇයගේ උතුම් ගුණාංග දුටු දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක දයාසේන ගුණසිංහ මහතාණෝ ඇය නිමිති කොට නවකතාවක් ලියන්නැයි මට කීහ. ඒ නවකතාව පොතක් වශයෙන් පළ වූයේ දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ කරුණාව නිසාය. මේ නවකතාව අයෝමා නමින් පසුකලෙක චිත්‍රපටයක් බවට ද පත්විය.එහි අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ල මහතය.නිෂ්පාදක වූයේ බන්ධුල ගුණවර්ධන මහතාය. -දෙනගම සිරිවර්ධන
Reviews
There are no reviews yet.