|
දූවිලි කන්ද -බණ්ඩාර වැවගෙදර ඈත දිශානත අහසේ මලානික තරු එකිනෙක පිපුණු අළු පැහැති අහස් පසුබිමේ මොරයාය කන්ද ඉහළට නැගුණු නිහඬ යෝධයෙකු සේ පෙනිණි. කන්දේ පහල වනස්පතියෙකු අස්සට වී රාත්‍රිය එනතුරු ඇඟිලි ගැන්න බකමූණු පෙම්වතා පෙම්වතිය වෙනුවෙන් ප්‍රේමණීය ගීතය ගයන්නට අරඹා තිබුණි. තරමක් දුර හැඩිදැඩි කෝන් රුකේ ලැග ඇස් බැලුම් හතරවට හෙළමින් පෙම්වතා ගැන ඉව ඇල්ලූ බකමූණු පෙම්වතිය “හ්ම් හූ” අනුකරණීය නාදය පෙම්වතාට පිළිතුර ලෙස නගන්නට වූවාය. මිහිරි සිතුවිල්ලෙන් ඔද වැඩුණු බකමූණු විහඟ තඩියාට බකමූණියගේ නාදය මොළකැටි වුව ද නිහඬ අන්ධකාර පරිසරයට නම් එය ගොරහැඩි විය. එම බකමූණු හඬ විනාශයේ දුෂ්ට හඬක් සේ අමිහිරි විය. |