Galpoththa waththe kathawa

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7011-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Loyed Perera
Published Year 2016
Book Weight 340.00 Grams
Book Size 21.8×14.1×1.2cm
Pages 224

ගල්පොත්ත වත්තේ කථාව -ලොයිඩ් පෙරේරා ඒ දහනමවන සියවසේ මැද භාගයයි. කරත්තයක් පසු පස දිව ආ හැඩි දැඩි තරුණයෙකි. ඔහු පැමිණියේ ගාල්ලේ සිට ය. හරිහැටි රැකියාවක් නොතිබූ ඔහු මොරටුමුල්ලට පැමිණ වඩු කර්මාන්තය හැදෑරුවේය. ශිල්ප ඥානය ප්‍රගුණ කර සාර්ථකත්වයට පැමිණ වැදගත් පවුලකින් විවාහයක් කර ගත්තේය. ඔහුගේ නම බබී බව මගේ සීයා මට කියා තිබිණි.එවකට ගල්පොත්ත ග්‍රාමයේ එකදු ගෙයක්වත් නො තිබුණි. තිබුණේ කැලෑ රොදක් ය. “ගල්පොත්ත වත්ත” ලෙස ඔප්පුවල සඳහන් වන අක්කර හතක පමණ භූමි භාගයක් බබී විසින් මිලට ගන්නා ලදී. ඔහු එහි පදිංචි විය. ඔහුගේ දරුවන්ට තම බිරියගේ පෙළපත් නාමය ලබා දීම නිසා පසු කාලයක මහමැන්දිගේ මැන්දිස් පරම්පරාව ගල්පොත්තේ ව්‍යාප්ත විය. මැන්දිස්වරුන්ට අමතරව නෝනිස්වරුන් ද, සිල්වලා ද, පෙරේරා වරුන් ද ගමේ ව්‍යාප්ත විය. ගල්පොත්ත වත්තට ඒ නම යෙදී ඇත්තේ භූමිය යටින් දිව යන විශාල ගල් තලාවක් නිසා ය. හතරවන පරම්පරාව වන විට බබීගෙන් පැවත එන්නවුන්ගෙන් ගල්පොත්ත වත්ත පිරී තිබිණි. පසු කාලයක ගල්පොත්ත වත්තට උතුරින් ද බටහිරින් ද කොටස් එකතු කර ගල්පොත්ත ග්‍රාමය ලෙස පරිපාලන ඒකකයක් බිහි විය.මෙම කතාවෙන් දිග හැරෙන්නේ ගල්පොත්ත වත්තේ අන්දරය යි. එය බබීගේ කථාව යි. බබී මෙහි පැමිණ ඇත්තේ දෙතුන් දෙනෙක් සමඟ විය හැකි ය. අපේ මුතුන් මිත්තන් අපට පැවසුවේ “බබී රැළ” මෙහි පැමිණියා කියා ය.

1.37$