|
ඉටු පැතුම නවකතා ටෙලි කතාව -බන්දුල විතානගේ, චානක විතානගේ මෙම ටෙලිනාට්‍ය මාලාවට පාදක වන්නේ නාගරික පරිසරයෙන් මිදුණු උතුරුමැද පළාතේ කලාවැව ප්‍රදේශයයි. මෙම ගමේ කටයුතුවල දී ප්‍රධාන තැනක් ගන්නේ වත්පොහොසත්කම් ඇති කිහිප දෙනෙකු සහ විද්වතුන් කිහිප දෙනෙක් ය. අනික සියලුම ගැමියන් ගොවිතැන මූලික ජීවිකාව කර ගත් අය වේ. මෙම ගමේ තරුණ පරපුරට නගරයට සේවයට ගිය තම සහෝදර සහෝදරියන් මාර්ගයෙන් බොළඳ චිත්‍රකතා, නවකතා සහ ප්‍රේම ගීතවලින් බලපෑමක් එල්ල වී ඇත. තව ද ගමේ එක්තරා තරුණ කොටසක් මෙම බලපෑම නිසා ගමේ ගොවිතැනට හෝ නගරයට ගොස් රැකියාවක් කිරීමට හෝ උනන්දු නොවී සිහින මවමින් සිහින ලෝකවල ජීවත් වෙමින් නිකරුනේ කල් ගෙවති. මේ පිරිසට අයත් වන චන්දු සහ අජන්ත මෙම ටෙලිනාට්‍ය මාලාවේ කැපී පෙනෙන චරිත දෙකක් වේ. චන්දු මල්ශානි නම් ගමේ තරුණියකට පෙම් කරයි. ඊට අයගේ මවගේ විරෝධය මතුවේ. අජන්ත මෙම ගමේ තරුණ පිරිසගේ ප්‍රේම සම්බන්ධතා සඳහා පෙම් හසුන් ලිවීමේ කටයුතු කර දී මෙම තරුණ පිරිස අතර ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. අජන්ත ද චන්දුගේ පෙම්වතියගේ මිතුරියක් වන නිල්මිණි සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගනී. මෙම පිරිස අතර ඇතිවන සිදුවීම් මෙම ටෙලිනාට්‍ය මාලාවේ නාට්‍යමය අවස්ථා ඇති කරයි….. මෙම කථා මාලාවේ සියලුම චරිතයන්ගේ අපේක්ෂාවන් සුබවාදී අයුරින් ඉටුවන කතාවක් ලෙස අවසන් ජවනිකාව සිදු වේ. මෙම නාට්‍යයේ සියලු දෙනාගේ පැතුම් ඉටු වී අවසන් ජවනිකාව සුඛාන්තයක් ලෙස සිදු වීම නිසා මෙම ටෙලිනාට්‍යයයේ නම “ඉටු පැතුම” නමින් නම් කර ඇත. |