Katha karana Dasak
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6924-5 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Ananda P. Wijesinghe |
Published Year | 2016 |
Book Weight | 370.00 Grams |
Book Size | 21.8×14.2×1.5cm |
Pages | 248 |
කතා කරන දෑසක් -ආනන්ද පී. විජේසිංහ මෑත කාලයේ පාඨක සිත් සතන් ඇද-බැඳ ගනිමින්…. ඔවුන්ගේ නොමඳ ප්‍රසාදයට හා ඇගයුමට බඳුන් වූ, මහේෂිකා 01, මහේෂිකා 02, සුපහන් රයක්, ටෙක්සාස් රූමතිය වැනි නවකතා ලියූ, ආනන්ද පී. විජේසිංහයන්…. “කතා කරන දෑසක්” තුළින් යළි ඔබ හමුවට පැමිණේ. ඔහුගේ එම නිර්මාණයන් තුළින් ජීවය ලද මහේෂිකා, වින්ධ්‍යා, රංගනා, ක්‍රිස්ටිනා වැනි කාන්තා චරිත නූතන පාඨකයන් අතර එපමණටම ජනප්‍රිය වූයේ… ඔවුන් හුදෙක්…. කැරපොත්තෙකු, පත්තෑයෙකු, මකුළුවකු හෝ ගෝනුස්සකු දුටු පමණින් හූ හඬ දෙවමින් හිස් ලූලූ ඇත දිවයන…” සාම්ප්‍රදායික ගැහැනු චරිත” නොවූ බැවිනි. විවිධ බාධාවන් හමුවේ නොසැලී ඒවාට මුහුණ දෙන මෙම ළඳුන්…. හීන මානසික දුර්වලතාවක් වූ “පුරුෂාධිපත්‍යය” තුළින් මතුවන ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට එරෙහිව නැගී සිටිති. යුක්තිය සහ අසාධාරණය පිටු දැකීම පිණිස, දිරිය සිතක් මෙන්ම…. සවිමත් ගතක් පවත්වාගෙන යෑම “යුගයේ අවශ්‍යතාවක්” යැයි ඔවුහු විශ්වාස කරති. ඒ එසේ වුවද… “ස්ත්‍රීත්වය කුළු ගන්වන සුලු….” මඳහස තැවරීගත් නෙතග බැල්ම… සුමට බස් වහර… සිත් බැඳගන්නා නම්‍යශීලිත්වය…. මෙන්ම සුරතල් දඟකාරීත්වය ඔවුන් තුළ ද නැතුවා නොවේ. “කතා කරන දෑසක්” හි “නේත්රාංගි” ද එවැන්නියකි. ඉඳින්…. මෙවන් දිරිය දියණියන්ගෙන් සමන්විත හෙට දවසේ මේ “මේ මානව සමාජය….” වඩ වඩාත් පැහැබර ගැන්වෙනු නොඅනුමානය. |
1.55$