Lamawiye Mn Peth
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6859-0 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Leelananda Wickramasinha |
Published Year | 2016 |
Book Weight | 260.00 Grams |
Book Size | 22.1×14.5×0.9cm |
Pages | 160 |
ළමාවියේ මං පෙත් -ලීලානන්ද වික්‍රමසිංහ අපේ රටේත් තුන්වැනි ලෝකයේ බොහෝ රටවලත් ළමයින්ගේ ළමාවිය සුන්දර ගීතයක් නොවේ. ඒවා බෙහෙවින් පිරී ඇත්තේ දුක් අඳෝනා හා ඉහවහා ගිය රුදුරුකම්වලිනි. බාහිර පරිසරයේ හා වැඩිහිටියන් යැයි කියා ගන්නා බොහෝ අයගේ නොමඳ පරිභවයන්ටත් කෘෘරකම්වලටත් ළමයින් තරම් ගොදුරු වන තවත් පිරිසක් නැති තරම් ය. ජීවිතයේ එක් වරක් පමණක් හමුවන රමණීය දවස් වන ළමාවිය බොහෝ දරුවනට ලැබෙන්නේ නැත. ඔවුන්ගේ ළමාවිය පිරී ඇත්තේ මානසික හා ශාරීරික වශයෙන් ලැබෙන දුක්කන්දරා වලිනි. තම දරුවනට මනා ලෙස යුතුකම් ඉටු කරමු යැයි වහසි බස් දොඩන බොහෝ වැඩිහිටියන් ගෙන් ඔය කියන ආදරයක්, ධනයක්, පිළිගැනීමක් හෝ යුතුකම් ඉටු කිරීමක් ලැබේදෝ හෝ යන්න සැක සහිතය. මේ කතාවේ එන දරුවා තමාගේ ලෝකය හා තමා අවට ජීවත් වෙන විවිධ තරාතිරමේ මිනිසුන්ගේ සංකීර්ණ හා විඩාබර අකාරුණික ලෝකය අතර වෙනස වටහා ගැනීමට යත්න දරයි.
1.09$