Mahasaami

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-5578-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sepali Mayadunna.
Published Year 2015 September 4th print
Book Weight 600.00 Grams
Book Size 21.6×14.6×2.2cm
Pages 400

රජුන් දවස බුදු සසුනට අනුග්‍රහ දක්වද්දී ද එය ම වරෙක අවම වද්දී ද විවිධ වේෂධාරීව භික්ෂූන් වහන්සේලා අතින් සසුන රැක ගැනිණි.සීතාවක පළමුවෙනි රාජසිංහ රජු භික්ෂූන් සීතාවක ගඟට දමා නසා සියලු විහාරාරාම වනසා දමද්දී පලාගිය භික්ෂූන් වහන්සේලා උපසම්පදාව අහිමිව භික්ෂුත්වයෙන් පිරිහී ගණින්නාන්සේලා බවට පත්වෙද්දී, බුදුදහමේ මූලික හරය ද අවබෝධ කර නොගන්නා පමණ නූගත් පරපුරක් ද එයට සමගාමීව බිහිවෙද්දී බුදුදහම ඔවුන් අතින් ද රැකුණේ ය. විහාරාරාම ස්වකීය පෞද්ගලික දේපල බවට පත්වුව ද මෙකී ගණෙල්ලන් හෙවත් ගණයි නමින් හැඳින්වුණු පරපුර ඒ සියල්ල වැඩිදියුණු කරගනිමින් තවදුරටත් රැකගත් බව පෙනී යයි.පිරිහී යන සමාජයේ ආගමික සංස්කෘතික හා සමාජීය සියලු ක්ෂේත්‍රයන් ද එකසේ පිරිහී යනු වැළක්විය නොහැකි වනු ඇත.එහෙත් රාජ්‍ය අනුග්‍රහයෙන් තානාපති, බස්නායක නිලමේ සහ භාණ්ඩාගාර ලේකම් ආදී විවිධ තනතුරු දරමින් ද ගණේ වලව්ව හෝ ගණේ ගෙදර නමින් විහාරස්ථානයේ කොටසක අඹුදරුවන් පෝෂණය කර ගනිමින් ද යකදුරුකම් හා නැකත් ශාස්ත්‍රයේ යෙදෙමින් ජනතාව රවටා ගනිමින් ද සිදුකරනු ලැබුවා වූ ක්‍රියාකාරීත්වයට නැවතීමේ තිත තැබෙන්නේ සිල්වත් පරපුර ලෙසින් ප්‍රතිසංශෝධන එක්කරමින් උපසම්පදාව අපේක්ෂා කරන වැලිවිට සරණංකර හිමි ප්‍රධාන භික්ශූන් වහන්සේලා අතිනි. අක්ෂර කලාව දත් ඇතැම් ගණින්නාන්සේලා අතින් යකදුරුකම්වලට අදාළ පොත්පත් බෙහෙවින් ලියැවුණු අතර මුදල් අපේක්ෂාවෙන් විවිධ බුද්ධ ධර්මයට අදාළ පොත්පත් ද බහුලව ලියාදෙන ලද්දේ ය.එහෙයින් පොත්පත් සුලභ විය. මෙහි දක්නට ලැබෙන ජන ජීවිතය ද රාජ්‍යත්වය ද ආක්‍රමණිකයන් ද කන්ද උඩරට ඉතිහාසයේ නරේන්ද්‍රසිංහ මහා රජු කල සැබවින් ම වූ සිදුවීම්ය.රජුගේ දක්ෂිණ ඉන්දීය ඥාති පරපුර මෙන් ම ජනතාව තලාපෙලා දමන ගනෙල්ලන් ද, නිලමක්කාරයින් ද, සාමාන්‍ය වැසියන් ද එකගෙයි කෑම පටන් එකල ජන ජීවිතය ද මෙයින් ඉදිරිපත් කරයි.

2.50$

https://www.traditionrolex.com/33