Manussathma

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-3578-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayasena Jayakody
Published Year 2016
Book Weight 420.00 Grams
Book Size 21.9×13.8×1.3cm
Pages 240

මනුස්සාත්ම -ජයසේන ජයකොඩි කළුවා මේ යන්නෙ නාලාගිරි ඇතා වාගෙ පියවතී පස්සෙන්. කළුව ඇළට එක්කරගෙන ගිහිං ආපහු ඇවිත් ගහේ බඳින කල් ඇහැක් පියෙව්වෙ නෑ. “මං බඳිනව නම් බඳින්නේ මෙකි. වෙන කවුරුත් නොවෙයි මෙකි. “මං බඳිනව නම් බඳින්නෙ මේකි. වෙන කවුරුවත් නොවෙයි මෙකි.” කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. “මං ගිහිං එන්නම් කළුවො” කියාගෙන පියවතී යන්න හදනකොට ම මං උඩින් ගියා ලඟට. “මාත් හැංගිලා බලා හිටියෙ කවුද මේ හපන්කම කරන්නෙ කියලා බලා ගන්නයි….” “ඉතිං දැක්කද?” “දැක්කා නේන්නම්. මට ඇරෙන්න ගෑනියෙකුට නෙමෙයි කොයිම පිරිමියෙකුටවත් මේච්චල් කරන්න බැරි මේ කළුවා මේච්චල් වෙච්ච එකනෙ පුදුමෙ කියන්නෙ.” “ඔයිට වැඩිය සැර හරකෙක් වුණත් මේච්චල් කරන්න මට පුළුවන්.” පියවතී මගේ දිහා බලාගෙන හිනැහි හිනැහි කිව්වා. ඒ කිව්වේ මට. මාත් ඒ දවස්වල මැස්ස පස්සෙන් එළෝන සැර හරකෙක්….

1.53$