Modarawane Hamine

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6665-7
Publisher S. Godage and Brothers(pvt) Ltd.
Author Name Chandra Ekanayake
Published Year 2016 1st Print
Book Weight 340.00 Grams
Book Size 21.7×14.2×1.4cm
Pages 248

මොදරවානේ හාමිනේ -චන්ද්‍රා ඒකනායක මෙම කතාව හුදු මනඃකල්පිතයක්ම නොවේ.එහෙත් සත්‍යම කතාවක් ද නොවේ.ගමක ජීවත් වුන ධෛර්යවන්ත ගැහැණු දරුවකුගේ චරිතය ඇසුරින් ගොඩ නගාගත් සාමානය කතාවකි.අද මෙන් නොව, මෙම කතාවට පාදක වූ කාල වකවානුවේ ගම්බද දැරියකට විවාහය තම කැමැත්ත අනුව සිදුවුණ දෙයක් නොව, දෙමාපියන්ගේ හා අනෙකුත් බාහිර සාධකයන්ගේ බලපෑමට යටත් ව සිදුවුණ දෙයකි. දැරියකට කුඩා කල දෙමාපියන්ටත්, විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාටත්, වයසට යන විට දරුවන්ට ත් අවනතව ජීවත්වීමට සිදුවන බව ප්‍රකට කරුණකි.එහෙත් එම ජීවත්වීම පාලනයක් හෝ වහල් ස්වභාවයක් සේ නොසලකා ඔවුන් තම ආරක්ෂකයන් පමණක් බවට පත්කර ගැනීමට නුවණැති කාන්තාවනට හැකියාවක් ඇත. මෙම කතාව ලියැවී ඇත්තේ එම දර්ශනය පදනම් කරගෙනය.මෙහි එන දයාවතී හෙවත් මොදරවානේ හාමිනේ එවන් චරිතයකි.ලද දෙයින් සතුටුවීම තුලින් එම ශක්තිය ගොඩනගා ගැනීමට ඇයට හැකි විය.තමා පිට බලෙන් පැටවූ සියලු බලවේග හමුවේ තමා තුළ පැවති අහිංසක ආශාවන්වල එල්ලී සිට තම ජීවිතය අවුල් කරගැනීමට ඇය තත් කළේ නැත සියලු බලවේග තමාගේ හා තම පවුලේ යහපතට හරවා ගැනීමට ඇය දරන උත්සාහය අධිෂ්ඨානශීලී ගැමි කතකගේ අපූරු ලක්ෂණයකි.

1.66$

https://www.traditionrolex.com/33