|
මුලාදෑනි පටුන -පියසිරි කොඩිතුවක්කු මුලාදෑනි පටුන ට අයත් චරිත නාම සියල්ල මනඃකල්පිතය. එහෙත් එවැනි සමාජයක් එකල පැවතුණු බව සඳහන් කළ යුතු ය. ක්‍රි. ව. 1946 තරම් කාලයක් පසුබිම් කොට මෙම වෘත්තාන්තය ආරම්භ වන අතර, අනතුරුව ඊට පසුබිම් වන මෑත ඉතිහාසයේ 1920 තරම් කාලයක් වෙත කිසියම් ආවර්ජනයක යෙදේ. සමස්ත ලෝකය පුරා මෙන් ම ශ්‍රී ලංකාවේ ද කිසියම් වෙනස්කම් සිදුවන්නේ 1950 දශකය ඇරඹීමත් සමඟය. දේශපාලන වශයෙන්ද සමාජීය වශයෙන් ද ඇතිවන මේ වෙනස්කම් හා සාම්ප්‍රදායික කුලභේදය ද මුලාදෑනි ක්‍රමය ද වෙනස්වන ආකාරය මෙම වෘත්තාන්තයේ චරිත මගින් ගොඩ නැගීමට උත්සාහ ගෙන ඇත. |