Paapa Dandana

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6585-8
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Nuwan Ishara Mahagamage
Published Year 2015 1st Print
Book Weight 290.00 Grams
Book Size 21.6×14.1×1.1cm
Pages 212

පාප දණ්ඩන -නුවන් ඉෂාර මහගමගේ අපේ ජීවිත ඇතුළේ නිරන්තරයෙන් පැහෙමින් තියෙන විවිධාකාර ආශාවන්ගේ සුවඳ කොයිම මොහොතකහරි මිනිහෙක්ගෙ සංකල්පනා විදිහට එළි දකින එකම මොනතරම් සැනසීමක්ද? එක විදියකට මහා පොළොව විසින් මුළු දහවලක් පුරා රත් කරපු වායු කදම්භ ශරීර කූඩු අස්සෙ හිර කරගත්ත මිනිස්සු හඳ එලිය යට ගිමන් නිවනවා වාගෙ තමයි ඒ හැඟීම. සංස්කෘතිකව ම කලවම් වෙච්ච ලංකාව ඇතුළේ අපි ගෝත්‍රික අනන්‍යතා නොසොයා පොදු වෙච්ච ජීවිතවලට ගාල් වෙන්න කරන උත්සාහයක් තමයි අර කියපු හැඟීම්වල එළි බැස්ම. ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙ ඉතිහාසය විසින් දීපු රතු පාට ලේවල දෙමළ ද, මුස්ලිම් ද, සිංහල ද කියලා නැතිවුනාට උන්ටම ආවේණික ගතිකයන් තියෙනවා. ඇටමිදුලුවල ඉඳන්ම උපදින අව්‍යාජත්වයන්, පසමිතුරුතා, කෛරාටිකකම් වගේම දීනකම් විසිනුත් ලංකාවේ මනුස්ස වර්ගයාව නිර්මාණය වී තිබීම විශ්වීය බව සත්‍යයක්. එහෙම අතිශය සාමාන්‍ය තැනෙක අතිශය සාමාන්‍ය විදියට ගොඩනැගෙන මිනිස් ජීවිත කනපිට පෙරැළි පෙරැළි යළි හැරි හැරි ගලා බහිද්දි තමයි විශේෂත්වයෙන් ගොඩනැගෙන්නෙ. එතන වීරයින් බිහිවෙනවා.ගොවියන් කම්කරුවන් එහෙමත් නැත්නම් ගැටකපන්නන් මේ කවුරුමහරි විදියට ඔවුන් අනන්‍යතා ගොඩනගා ගන්නවා.එහෙම මිනිස්සු අහිනක් එක්ක අපි ලංකාව හතර කොනේ කරක් ගහනවා.ඒ තමයි ජීවිතේ.උනුත් අපි හැමෝමත් නැතිවෙච්ච මොන මොනවාදෝ හොයන්නා වාගේ එහෙ මෙහෙ ඇවිදිනවා. එහෙම ඇවිදින තැනෙක ටිකක් නතර වුණු වෙලාවක තමයි අර මහා මිනිස් අහිනෙන් එකට ගැට ගැහිච්ච කීවිත දෙක තුනක කතාවක් මේ අකුරු වෙලා තියෙන්නෙ.

0.00$

https://www.traditionrolex.com/33