Paba

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-0621-x
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Bandula P. Dayaratne
Published Year 2016
Book Weight 250.00 Grams
Book Size 21.6×14.2×0.9cm
Pages 152

පබා -බන්දුල පී. දයාරත්න මගේ සිත අසීමිත ප්‍රීතියකින් වෙලී තිබිණි. වෙලට එහා පැත්තේ වත්තේ රබර් ගස් අස්සෙන් කමල් ගේ ගෙදර එලිය දැල්වෙනු මම දුටිමි. අන්තිම වරට මා එහි ගියේ මීට වසර දහයකට පමණ එහා යැයි මට එවේලේ සිතිණි. මින් පසු සති අන්ත මැහුම් පන්තියේ දී පබා මට දකින්නට නොලැබෙනු ඇත. මින් පසු කමල් ද මා සමග ඇසුරු කරන්නට ඉඩ ඇතැයි සිතිය නොහැකි ය. ඒ නිසා මට යළි කමල් ගේ නිවසේ දොරටුව විවෘත නොවනු ඇත. පබා හා මා වඩාත් ම සමීප කළ මුල් ම දිනය මම යළිත් සිහිපත් කෙළෙමි. සැබැවින් ම එය දිනයක් නොව රැයකි. අපි රෑ මුළුල්ලේ සමිතියේ දැන්වීම් අඳිමින් කතා කරමින් සිටියෙමු. ඒ පිලිබඳ ව නැවත සිහිපත් කිරීම සිහිනයකි. -තිලක් අලුත් දේ සිතන්නට – අලුත් යමක් කරන්නට තිලක් අයියා තුළ වූ උනන්දුව හා කැපවීම නිසා මම විමතියටත් සතුටටත් පත් වීමි. අලුත් දෙයක් ගැන ඔහු බොහෝ විට මා සමග කතා කරන විට මා ඒවා අසා සිටියේ විස්මයෙන් යුතු සතුටකිනි. ඒ කුඩා තරුණයා තුළ – නිතර අහිංසක ලෙස සිනහසෙන ඒ කුඩා තරුණයා තුළ එවැනි අලුත් අදහස් තිබීම මට අදහා ගත නොහැකි විය. තිලක් අයියාට මම සැබැවින් ම ආදරය කරමි. ඔහු සමග මගේ ඇසුර ඇති වූයේ කමල් අයියා නිසා ය. කලක් තිලක් අයියා හා කමල් අයියා අතර තිබූ සමීප හිතවත්කම අඩු වී හෝ නැත්තට ම නැති වී හෝ ගොස් ඇතත්, තිලක් අයියා අමතක කරන්නට මට නොහැකි ය. ඒ මා සැබැවින් ම ඔහුට පෙම් කරන නිසා ය. -පබා

1.16$

https://www.traditionrolex.com/33