Parawena Kahamal
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6305-2 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Ariyadasa Millagahathanna |
Published Year | 2015 1st Print |
Book Weight | 270.00 Grams |
Book Size | 21.8×14.1x1cm |
Pages | 176 |
පරවෙන කහමල් (සත්‍ය සිදුවීම් ඇසුරෙනි) -ආරියදාස මිල්ලගහතැන්න “පරවෙන කහමල්”නවකතාව සැඟවුණු තේමාවක් ඔස්සේ නිර්මාණය වූවකි.යමක් හරි හෝ වැරදි වුව ද ක්‍රියාව සත්‍ය නම් එය සැඟවීමට වඩා ප්‍රකාශ කිරීම ප්‍රඥාගෝචරය.සත්‍ය හෙළිදරව් වන විට එය නුරුසන්නන් ද ඇතිවිය හැකිය.ඒ සත්‍ය වසා සිටින මායා පටලය ඉවත් වී යතාර්ථය මතුවනු දැකීමට ඇති අකැමැත්තය.මෙම නවකතාව තුලින් පිටතින් පෙන්වන සුන්දරත්වය අභ්‍යන්තරයේ ශුන්‍යත්වයට පත්වී ඇති බව පෙන්වා දෙයි. බ්‍රෑන්ඩර් මැතිව්ස් කෙටිකතාවේ දර්ශනය නමැති කෘත්‍ය මගින් “නවකතාවකට අනිවාර්යයෙන්ම ප්‍රේම වෘත්තාන්තයක් ඇතුළු විය යුතුය.” යන සංකල්පයෙන් මෙම නවකතාව බැහැර වී ඇත.කොහෙන් හෝ ඇහිඳගත් ප්‍රේම වෘත්තාන්තයක් ඇතුළත් කල හැකි වුව ද “පරවෙන කහමල්” නවකතාවේ කිසිඳු තැනක ප්‍රේමය සම්බන්ධ සිදුවීමක් නැත.එය සම්මත සීමා මායිම් බිඳ දැමීමක් ලෙස ඇතැමකුට සිතිය හැකිය.එසේ වේවා! එහෙත් එය මෙහි සුවිශේෂී ලක්ෂණයකි. මෙහි එන ප්‍රධාන චරිතයට මුහුණ දීමට සිදුවන ගැටලු විශ්වාසනීයත්වයෙන් තොර එවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.එහෙත් එම ගැටලු බාහිරින් නොදැකිය හැකි සත්‍ය සිදුවීම්ය. මෙය කියවන පාඨකයා 1960-1970 දශකය සිහි තබා ගතහොත් මැනවි.එසේ නොවුවහොත් ඔබේ මනසට සක සංකා ගලා ඒමට ඉඩ ඇත.
1.14$