Ran Eruwa Sadisi an ruwak nodisi

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7156-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Thisara Kumarapeli
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.8×14.2×0.9cm
Pages 144

රන් එරුව සදිසි අන් රුවක් නොදිසි (තාරුණ්‍යයේ නිමල ගීතය – සොඳුරු නවකතාවකි) -තිසර කුමාරපේලි මගේ ප්‍රථම නවකතාව නව ආකෘතියකින් ඉදිරිපත් කරන්නට මට හැකියාව ලැබිණැයි සිතේ. කෙසේ වෙතත් ආකෘතිය හා නවකතාවේ අන්තර්ගතයන් ඇතුළු නවකතා සිද්ධාන්තයන්හි මෙම නවකතාව නිමග්නව ඇත් දැයි විමසීම විචාරකයන් සතු කාර්යයකි. මම එදෙස බලා සිටිමි. ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයෙන් මට පාඨක වූ සහෘද ජනතාව මෙම නවකතාවට දක්වන ප්‍රතිචාර අනුව මෙයට ම සබැඳි තවත් නවකතා දෙකක් දොරට වදිනු ඇත. ඒ පවන් හා රුවනියගේ ද නිමන්ත හා තේජානි ප්‍රේම වෘත්තාන්තයන් ද යනු විසිනි. එහෙත් එම කෘති පලවන්නේ රුවනි හා පවන් යනුවෙන් නොව අන් ප්‍රේමාන්විත මැයෙකිනි. මෙම කතා ත්‍රිත්වය අතර කිසියම් සබැඳීමක් ඇති බැවින් තුං ඈඳුතු කෘති සේ සලකා වෙන් වෙන්ව රස විඳීමට ද එක්ව ගෙනැ රස විඳීමට ද ඔබට හැකිවනු නිසැක. එසේම මෙම කෘතිය නම් ගම් සිද්ධි ස්ථාන සියල්ල මනඃකල්පිත බවත්, එය ජීවත් වූ හෝ ජීවත්වන හෝ කිසිදු පුද්ගලයනට සම්බන්ධ නොවන බවත් දක්වමි. -තිසර කුමාරපේලි

0.96$