Rishanata Pem Banda

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6383-0
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Somapala Mallawarachchi
Published Year 2015 1st Print
Book Weight 220.00 Grams
Book Size 21.6×14.2x1cm
Pages 168

රිශානාට පෙම් බැඳ -සෝමපාල මල්ලවආරච්චි මනුෂ්‍යයන්ගේ ආදරය පිළිබඳ ව ලෝකෝත්තර නොවූ කථා සැකිල්ලක් වටා “රිශානාට පෙම් බැඳ” නම් වූ මෙම නවකථාව ගොඩනැංවීමි. අප ජීවත් වන සමාජයේ විවිධ ආර්ථික, දේශපාලන හා සමාජයීය ප්‍රශ්න දෙස ප්‍රබන්ධ සාහිත්‍යකරණය තුලින් එබී බැලීමට ද මට ඕනෑ කළේය. අපේ ජාතික ප්‍රශ්නය උණුසුම්ව, ගිනියම්ව පුපුරා යන තලයක් කරා ගෙන නො යෑමට වගබලා ගැනීම සමස්ත ජාතියේම අත්හළ නොහැකි වගකීමකි. මා සිංහලය: ඔබ දෙමළ හෝ මුස්ලිම් ජන කොටසට අයත් විය හැකිය.ඒත් අප සැවොම මේ මිහිපිට උපත ලද මනුෂ්‍යයෝම ය.ශ්‍රී ලංකා ජැටියේ දරු දැරියෝ ය.නැතහොත් එම වැඩිහිටියෝම ය. අරයා, මෙයා කියා භේදභින්නව සිටීම හරි නැත.මිනිසුන් ලෙසට අප කවුරුත් සමගියෙන් ජීවත් විය යුතු ය.ඊට ගැළපෙන ජාතික සමාජ සංස්කෘතියක් බිහිකර ගැනීමෙන් අපේ මේ ලස්සන දේශය සැබෑ බොදු රටක් වනු ඇත.අප කා කොටා ගතුද.ශ්‍රී ලංකා දිවයිනේ වපසරිය මහා විශාල මහාද්වීපයක් තරමට ලොකු නොවනු ඇත.අප පුංචි ශ්‍රී ලංකාවමය. -සෝමපාල මල්ලවආරච්චි

0.96$