Sanoran Abhirahasa

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6351-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Shiromala S. Weerasinghe
Published Year 2015 1st Print
Book Weight 300.00 Grams
Book Size 21.7×14.1×1.1cm
Pages 216

සනෝරන් අභිරහස -ශිරෝමාලා එස්. වීරසිංහ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙහි වන සනෝරන් කන්තාරය තුළ පවතින ගුප්ත බව හා රහස්‍යභාවය මෙන්ම ඈත අතීතයේ ජීවත් වූ බව පැවසෙන අමරණීය පුද්ගලයින් පිලිබඳ ව ද එක් එක් මනෝමය නිගමනයන්ට එළඹෙමින් රචනා කොට ඇති මෙම ග්‍රන්ථය තුළ සත්‍ය සිදුවීම් හෝ සත්‍ය තොරතුරු ගැබ් නොවන්නේය. සනෝරන් කාන්තාරය පිලිබඳ ව පවතින එක් එක් මතිමතාන්තර හා කටකතා ද අනුව සනෝරන් කාන්තාරය හා පිටසක්වල ජීවින් අතර සම්බන්ධතාවක් පවතින බවත් කියැවෙන්නේ ය.එමෙන් ම ඈත අතීතයෙහි ජීවත් වූ මනුෂ්‍යයින් අතරින් ද අමරණීයත්වයට පත් වූ පුද්ගලයින් සිටි බව ද ඉතිහාසයේ සඳහන් වන නමුත් අතීතයේ සිට අද දක්වා එලෙස මිය නොගොස් ජීවත් වුනු පුද්ගලයින් මෙතෙක් කිසිවකුටත් හමු වී නොමැත. පානය කිරීමෙන් අමරණීයත්වයට පත් විය හැකි ජලය පිරි විල් ද, එම ජලය පානය කිරීමෙන් අමරණීයත්වයට පත් වූවා නම් අද වන විටත් එම විල් මෙන්ම පුද්ගලයින් හට ස්වභාවික මරණයක් ඇත නොවන නිසා.එමෙන්ම අමරණීයත්වයට පත් වූ සියල්ලන්ම ඝාතනය වූ බවක් ද ඉතිහාසයේ නොකියවෙන බැවින් සැබවින්ම අමරණීයත්වයට පත් වූ පුද්ගලයින් ලොව විසුවේ නම් මෙම විශ්වය කොතැනක හෝ අදටත් ඔවුන් ජීවත්වනවා විය හැකිය. මෙලෙස පුරාණයේ ජීවත් වූවා යැයි පැවසෙන අමරණීය පුද්ගයින් ද, විශ්වයට නොයෙක්වර පැමිණියා මෙන්ම අදටත් පැමිණෙනවා යැයි විශ්වාස කරන පිටසක්වල ජීවින් ද පිළිබඳව කර්තෘවරිය දරන අදහස සනෝරන්හි පවතින ගුප්ත බවට ද සම්බන්ධ කර ගනිමින් “සනෝරන් අභිරහස” ලෙස රචනා කොට ඇති මෙම ග්‍රන්ථය කර්තෘවරියගේ මනෝමය සිතිවිල්ලකි.

0.00$

https://www.traditionrolex.com/33