|
සපුමලී -විජිතා කුමාරි ජයතුංග “සපුමලී” ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෘත්තීයමය සමාජ ව්‍යුවහයක් හා ක්‍රියාකාරීත්වයක් පිලිබඳ විවරණයකි. විශේෂයෙන් එවැනි සාම්ප්‍රදායික සමාජයන්හි ඊටම ආවේණික වූ ඇදහිලි, විශ්වාස හා ආකල්පයන් ඉතාමත් පැහැදිලිව දක්නට ලැබේ. විජිතා කුමාරි ජයතුංග, සපුමලී තුලින් එවැනි සාම්ප්‍රදායික සමාජයක පවතින ඇදහිලි හා විශ්වාස පිලිබඳ විවරණයක යෙදෙන්නේ සපුමලීගේ චරිතයේ විවිධ ක්‍රියාකාරකම් පසුබිම් කරගනිමිනි. සුන්දර යොවුන් වියේ හැඟීම් දැනීම් තුළ අතරමං වන සපුමලී, එහි උච්චතම අවස්ථාවේ ගමේ මැම්බර්ගේ පුතා අරවින්ද සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගනී. යෞවනයේ සිහින ලෝකයක අතරමං වන ඇය අවසානයේ අරවින්ද වෙනත් තරුණියක හා විවාහ වීම තුළ මුහුණ දෙන්නේ අනපේක්‍ෂිත සිදුවීම්වලටය. ඇය සමාජ යථාර්තය තේරුම් ගනී. ඊට පදනම වැටෙන්නේ සාම්ප්‍රදායික සමාජය තුළ යතාර්ථයද හඳුනා ගැනීමත් සමගය. අවසානයේ සමස්ත සමාජ ව්‍යුහය පිලිබඳ කළ කිරෙන සපුමලී, ගිහිගෙයින් සමු ගන්නේ ඒ දක්වා ඇය මුහුණ දුන් කටුක අත්දැකීම් තුළින් ද සමුගනිමිනි. |
Reviews
There are no reviews yet.