Seethambara

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6660-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dharmaa muthugalpitiya
Published Year 2016
Book Weight 290.00 Grams
Book Size 21.5x14x1cm
Pages 192

සීතාම්බර -ධර්මා මුතුගල්පිටිය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ලාංකිකයන් යක්ෂ, නාග, දේව යන ගෝත්‍රවලට වෙන්ව සිටියෝය.ආර්ය සංක්‍රමණයෙන් පසු දුමින්දාගමනේදී ශිල්ප ශ්‍රේණි 16ක් පැමිණ විවිධ රැකියාවන් අනුවද බෙදීම් ඇතිවිය. පෙළපත හා තනතුරු අනුව අඛණ්ඩ ධූරාවලියක් ද පුරාණ ලංකාව තුළ සමාජගතවී තිබී ඇත.රොබට් නොක්ස් මහතාගේ “එදා හෙළදිව” ග්‍රන්ථයේ සඳහන් වන්නේ කුලීන හා කුලහීන වශයෙන් සමාජයේ ප්‍රධාන බෙදීම් දෙකක් තිබුණු බවය.නමුත් මානව සමාරම්භය එකම ඥාතීන් කොටසක් බව මානව විද්‍යාඥයින්ගේ මතයයි. විවිධ දේශගුණික බලපෑම් නිසා හමේ පාට අනුව වර්ණ භේදයද, අදහන ආගම අනුව ආගම් භේදයද, ජීවත්වන රට හා භාෂාව අනුව ජාති භේදයද, කරන රැකියාව අනුව කුල භේදයද, සම්පත් බෙදීයාම අනුව පන්ති භේදයද සමාජය විසින් දැඩිව වැළඳගෙන ලැබ ඇත.මේ විවිධ බෙදීම් සීතාම්බර සළුව මෙන් කිසිම පදාර්ථයක් නැති හිස් මනෝභාවයකි.නමුත් ස්වභාවධර්මය විසින් ලෝකයේ පැවැත්ම උදෙසා නිර්මාණය කෙරී ඇත්තේ ස්ත්‍රී, පුරුෂ භේදය පමණි. මේ සනාතන ධර්මතාවයේ තුලනාත්මක බවට “සීතාම්බර” නවකතාවේ එන උසස් යැයි සම්මත පරපුරක ජන්මය ලැබූ “නිකිණි” නමැති කාපිරි දරුවා හොඳම උදාහරණයක් වේ.

1.22$