|
සීට්ටු හාමිනේ -තල්පාවිල විජයසෝම තල්පාවිල විජයසෝමයන්ගේ “සීට්ටු හාමිනේ” ඔහුගේ කෘතීන් අතර වෙනස් මගක් ගත් නවකතාවකි.විශේෂයෙන් ම ආර්ථික හා සමාජයීය ගැටලුවලින් පීඩිත සමාජයක ගැහැනිය ගේ පැවැත්ම පවා එම ආර්ථික, සමාජයීය ප්‍රශ්න විසින් බිලිගනු ලබන ආකාරය කතුවරයා මෙම නවකතාව තුලින් චිත්‍රණය කොට තිබේ. මෙහි ප්‍රධාන ස්ත්‍රී භූමිකාව වන එංගල්තිනා හාමිනේ ගේ චරිතය මැනවින් අධ්‍යයනය කරන්නෙකුට ඇය ගේ අධිපතිවාදී චර්යාවන් අතරෙහි වුව අසරණ වන ස්ත්‍රී ආත්මභාවයන් සසරණ වන ආකාරය දැකිය හැකි වෙයි. ඇය ගොදුරු වන්නේ සමාජයේ අතිශයින් දුෂ්ට තත්ත්වයන්ටය.එහෙත් තමා ගොදුරු වන බව ඇය නොදන්නා අතර ඇය සිතන්නේ තමා ඔවුන් ගොදුරු කරගන්නා බවකි.එය කනගාටුදායක තත්වයකි. විජයසෝමයන් ගේ ගැමි බස සුපුරුදු පරිදි මෙම නවකතාවෙහි ද දක්නට ලැබේ.හුරු පුරුදු සමාජ ව්‍යසනයක නව මානයන් එළිදරව් කරන “සීට්ටු හාමිනේ” ස්ත්‍රීත්වය සහ සමාජ අසාධාරණය අතර සහසම්බන්ධය එළිදරව් කරවන නවකතාවකි. |