Sunamiyen Hamu wu Chamathge Manaliya
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7737-0 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Hema Wimalasundara |
Published Year | 2017 |
Book Weight | 460.00 Grams |
Book Size | 21.6×14.1×1.7cm |
Pages | 312 |
සුනාමියෙන් හමු වූ චමත්ගේ මනාලිය -හේමා විමලසුන්දර “සුනාමි නිසා හැම තැනම පාසල් වහලා, ඒකයි ළමයි ගෙදර. පුතා දෙන්න.” තැඹිලි බොන්න නෝනාට වීදුරුවක් ගේන්නද?” “බොහොම ස්තූතියි. එපා මට මෙහෙම බොන්න පුරුදුයි. මම කීප සැරයක් ලංකාවට ඇවිත් තියෙනවා.” “මේ කාසල් එක අයිති සමන්තා කුරේ කියල ලංකාවේ කාන්තාවකට. ඇය ලංකාවේ දකුණු පළාතේ කෙනෙක්. මෙහෙ හිටිය “ජජ්” කෙනෙක් තමයි එයාට මෙහෙ එන්න උදව් කරලා තියෙන්නෙ. ඒ ජජ්ගේ ආබාධිත පුතාව බලාගන්න. ඒ දරුවා අකාලයේ මියගියාට පස්සෙ මේ කාන්තාව තනි උත්සාහයෙන් ක්රමක්රමයෙන් දියුණු වෙලා තියෙනවා.” “මතක නැද්ද? මම සෙල්ටන්” “අමතක වෙන්නේ කොහොමද?” ඒත් අපට ආරංචි පිටරට කියල නෙ. ඇරැත් මං මෙහෙ බව කොහොමද දන්නේ?” හෙලිකොප්ටරයෙන් ගෙනා ආධුනික තරුණයාගේ මුහුණ මලානිකව තිබිණ. රථයට දමාගත් සැණින් ඔහු නින්දට වැටුනේ ශරීරගත බෙහෙතක් නිසාමය. යුරෝපයේ අනික් රටවලට වඩා මෙහි කුඩු පාවිච්චිය වැඩි වුවත් පොලීසිය ඒ ගැන දැඩි උනන්දුවක් නොදක්වයි. රාත්රියේදී දුටු පිරිසගේ මෙන්ම මොහුගේද කනින් එල්ලුණ කවාකාර ආභරණය කුමක්ද? ලෝලා ගැන නියම පුද්ගලික තොරතුරක් ගැන මට කිසිම දැනීමක් නැත. ඇය මුල්වරට “මහගෙදර” අසල දුටුවාට පසු මාස ගණනක් ගත වුවද, පසුගිය දෙසතියේදී එකට නිවසේ වාසය කළද අප අතර සුහද සාකච්ඡාවක් නොවීය. තමාගේ රාජකාරිය නියමිත දිනට අවසන් කිරීමේ පරම චේතනාවෙන් ඈ දිනගෙව්වා සේය. බාහිර ලොවක් නැති ලෙස හැසිරෙන ඇගේ පෞරුෂය මා තුළ බිහිකළේ එක්තරා උදාසීනත්වයකි. සුළු පසුතැවිල්ලකි. එහෙත් සිත් පිත් නැති අසරණ තත්ත්වයක ඇඳ මත වැතිරී සිටින ඈ කෙරේ මා තුළ එක්තරා සෙනෙහසක් ලියලයි. ගතවන සෑම මොහොතක් පාසාම වගකීමක් වර්ධනය වෙයි.
2.02$