|
සුව අසපුව -ජයසේන ජයකොඩි “ස්වාමිනී”, ලක්‍ෂයක් වටිනා සඳුන් හරයක් කුණු මොරට විකුටදමනු දිටිමි. එම ස්වප්නයේ විපාක කවරේ ද ස්වාමිනි?” “මාගේ ශාසනය පිරිහෙන්නට වන් කල්හි විපාක වන්නේය. අනාගතයෙහි ප්‍රත්‍යයෙහි ලොල් වූ භික්ෂූහූ බොහෝ වන්නාහ. ඔවුහු ප්‍රත්‍යයයෙහි ලොල් බව මඩිනු සඳහා මවිසින් දේශනා කළ ධර්මය තමන් නොපිළිපැද අනුනට දේශනා කරති. අනුනගෙන් ලද මාහැඟි සිවුරු ආදී ප්‍රත්‍යය ඉවසති. ඒ හුදෙක් තමන්ගේ මධුර ස්වරය, පැහැපත නිසා ම ලද ප්‍රත්‍යය යි අදහති. ඇතැමෙක් මදටක් කහවණුවක් නිසාත් ධර්මය දේශනාකරති. මා විසින් නිර්වාණය අගය කොට දෙන ලද ධර්මය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය යන චතුර්විධ ප්‍රත්‍යය හා මදටක් කහවණුවක් නිසා විකිණිකොට දෙන්නාහු ය. අනාගතයෙහි බිහිවන්නා වූ ප්‍රත්‍යයෙහි ලොල්වන්නා වූ බොහෝ බ භික්ෂූහූ එවැන්නෝ ය. ඔවුහු ලක්ෂයක් අගනා සඳුන් හරයක් කුණු මොරට විකුණන්නවුන් වැන්නෝය. |
Reviews
There are no reviews yet.