Thakkita Tharikita
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6774-6 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Mabodale Nandathissa |
Published Year | 2016 |
Book Weight | 470.00 Grams |
Book Size | 21.6×14.2×0.8cm |
Pages | 320 |
තක්කිට තරිකිට -මාබොදලේ නන්දතිස්ස “නිලමෙ ඉස්කෝලෙ මහත්තය එහෙමත් මේ දේවල් හින්ද මහ ගෙදර එක හිත හොඳක් නැතුවයි රාලහාමි” “එහෙම නොවුණ ඒක නේන්නම් මේ කාරිය” “උන්නැහැ උගත් බුද්ධිමත් මනුස්සය.වසුන්දරා මැණිකේ වුණත් එහෙමයි.” ඇත්ත! ඇත්ත අපේ හාමුදුරුවනේ.ඒත් ඒ මිනිස්සු හිතනව ඇති අපි රෙදි අඳින්නේ ලෝක චාරිත්තරේට කියල” විදානේ රාලහාමි පවසන්නේ හිතේ වේදනාවට එහා ගිය කේන්තියකින් බව මහින්දානන්ද හිමියෝ සිතුහ. “මේ නොගැළපෙන වැඩවල සීමාවක් තරාතිරමක් තියෙන්න එපාද? අපේ හාමුදුරුවනේ එක වංගියක් ලොකු ඉස්කෝලෙ මහත්තයට පල නොකියා එලවලා දැම්මා, මේ ඊයේ පෙරේදා වෑ කන්දේ ග්රාමසේවක තඩිබාලා.ඔය සේරටම මුල් වෙලා ඉන්නෙ අපේ හාදය කියලා රටේ එව්වො දන්නවා.ඉතින් කොහොමෙයි හාමුදුරුවනේ මම රෙද්දක් ඇඳගෙන ගෙයින් දොට්ට බහින්නෙ.මට දුක අර දරුව ගැන.ඌ රට රකින්නය කියල, ජීවිතේ ගැනවත් විශ්වාසයක් නැති රාජකාරියක්කොරනව. ඒකා දුක් විඳිනව.දැන් හිටියායින් පංගුවයි.
1.99$