Wawgampaththuwe Dingiraala Gama

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6773-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sunil L R Bandara
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.8×13.9×1.2cm
Pages 200

වැව්ගම්පත්තුවේ ඩිංගිරාල ගම -සුනිල් එල්. ආර්. බණ්ඩාර වැව්ගම් පත්තුවේ ඩිංගිරාල ගම නම් වූ මෙම කෘතියට ප්‍රස්තූත වී ඇත්තේ වෙල්ලස්ස, බින්තැන්න කැරැල්ල හා සම්බන්ධ සිදුවීම්ය. ඌවේ කැරැල්ල නමින් ව්‍යවහාර කරන 1817-1818 සිදුවූ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පැන නැගුණ කැරැල්ල නිසා බින්තැන්න, වෙල්ලස්ස වාසීනට වරින් වර මහා වනයට පලා යාමට සිදු වූයේ ඉංග්‍රිසීන් විසින් මෙම පළාත් ගිනිතබා විනාශ කිරීමත්, නායකයන් ඝාතනය කිරීමත් නිසාය. එසේ ඔවුන් පලාගියේ ප්‍රදේශයට අවේණික වූ සංස්කෘතිය, සිතුම් පැතුම්, ජීවන ක්‍රම, ජනවහර ද රැකගෙනය. එම ජන ජීවිතය ගොඩ නඟා ගැනීමට, සංස්කෘතිය රැක ගැනීමට ඔවුන් හෙළුෑ දහඩිය, කඳුළු, ලෙය පිලිබඳ මනා අවබෝධයක් මෙම කතුවරයා සතු බව මනාවට පිළිබිඹු වෙයි. අලුත් ගම්මාන පිහිටුවා ගනිමින් කුඹුරු, හේන් ගොවිතැන් කරමින් දඩයමින් ද දිවි ගෙවූ මොවුන් උරුමය, සංස්කෘතිය රැක ගැනීමට ගත් උත්සාහය මනාව දක්වා ඇත. උඩරට කැරැල්ල වටා පැවතෙන තොරතුරු ගැන අමුතු කෝණයකින් බලා ඇති “වැව් ගම්පත්තුවේ ඩිංගිරාල ගම” කෘතිය සාර්ථක කෘතියෙකි. මෙම කෘතිය පාඨක, විචාරක දෙපක්ෂයේ ම සුවිශේෂ ඇසකින් බැලිය හැකි කෘතියෙකි.

1.67$

https://www.traditionrolex.com/33