Wilasiniyakage Premaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-6336-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Ediriweera Sarachchandra
Published Year 2015 9th print
Book Weight 200.00 Grams
Book Size 21.6×14.3×0.7cm
Pages 128
විලාසිනියකගේ ප්‍රේමය -එදිරිවීර සරච්චන්ද්‍ර “උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ලඟට ගන්ට, පිරිමින්ගේ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියන වේදනාව.මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි.ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ.ඒක ඉබේම හටගන්න ඕන.ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ.” “මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ.ඒක මම දන්නව.මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි.ගෑනුන්ගේ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නේ නෑ.”

0.97$