Author: නිමල් රත්නායක (Nimal Rathnayake)
බුදුසමයෙහි සාමාන්‍ය ලක්ෂණ, චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෞද්ධ අනාත්මවාදය හා පංචස්කන්ධ විභාගය, පටිච්ච සමුප්පාදය, ප්‍රත්‍ය විභාගය, බෞද්ධ ඥාන මීමංසාව, අනුශය, කර්මය හා පුනර්භවය, බුදුදහමේ විනය ශික්ෂා, බෞද්ධ භාවනා හා ධ්‍යාන වැනි පරිච්ඡේද ඔස්සේ මෙහි කතුවරයා සෑමවිට ම බෞද්ධ චින්තනයේ දාර්ශනික හා මූලධර්ම පිළිබඳ ව නිරීක්ෂණය කරමින් මෙය රචනා කර ඇත. පූර්ව සාහිත්‍ය විමර්ශන සහ සමකාලීන විග්රහයන් යන දෙඅංශයෙන් ම සොයා බැලීමෙන්, බුදුසමයේ දාර්ශනික රාමුව සත්ත්වයාගේ පෞද්ගලික සංවර්ධනයට පදනමක් පමණක් නොව නූතන ජීවිතයේ සංකීර්ණත්වයෙන් අත්මිදීමට හා නිර්වාණාවබෝධය සඳහා මාර්ගෝපදේශක මාවතක් සපයන ආකාරය ද මෙම කෘතියෙන් ප්‍රකට කරයි. මෙහි කැපී පෙනෙන දෙය නම්, කතුවරයාට බුදුසමයේ සඳහන් වන සංකීර්ණ දාර්ශනික සංකල්ප පැහැදිලි හා නිරවුල්තාවයෙන් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව යි.










![උසස් පෙළ ගිණුම්කරණය [පළමු වාරය] - Usas Pela Ginumkaranaya [Palamu Waraya]](https://godage.com/wp-content/uploads/2026/08/WhatsApp-Image-2026-08-24-at-08.29.04-e1787541483949-150x150.jpeg)

