Author: නෙල්සන් වීරසිංහ (Nelson Weerasinghe)
මෙම ග්‍රන්ථය විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සිසුන් වෙනුවෙන් මෙන්ම අපගේ අභිමානවත් ඉතිහාසය හා ආගම දහම වෙනුවෙන් දිවි කැප කළ පුරාණ ශ්‍රේෂ්ඨ ගිහි-පැවිදි පඬිවරුන් පිළිබඳව හැදෑරීමට කැමති ඕනෑම පාඨකයෙකුට සකස් කරන ලද අගනා කෘතියකි.
අපගේ ඉතිහාසය, සංස්කෘතිය සහ අතීත වීරුන් පිළිබඳව නූතන සමාජයට නැවත කියවා තේරුම් ගැනීමට අවස්ථාව සලසා දෙන අතර, ශාස්ත්‍රීය ග්රන්ථ රැසක් රචනා කර ඇති නෙල්සන් වීරසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද මෙවැනි කෘති අතීත ශ්‍රේෂ්ඨයන් කළ මෙහෙවර අවබෝධ කර ගැනීමට මහත් අත්වැලක් සපයයි.












