Author: එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න (H. A. K. Nayana Kumari Ariyarathna)
මෙම ග්‍රන්ථය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය වෙත ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය නිබන්ධයක් ඇසුරින් සකස් කරන ලද්දකි.
පරමාර්ථ ධර්ම පිළිබඳව ථේරවාද සහ මහායාන බෞද්ධ දර්ශන සම්ප්‍රදායන්හි එන විග්‍රහයන් මෙහිදී තුලනාත්මක විමර්ශනයට ලක් කෙරේ. ස්කන්ධ, ධාතු, ආයතන විභාගය, පටිච්ච සමුප්පාදය, රූපකලාපවාදය, සර්වාස්තිවාදීන්ගේ පරමාණු වාදය, සෞත්‍රාන්තිකයින්ගේ ක්ෂණභංගුර වාදය මෙන්ම ආචාර්ය නාගාර්ජුන, අසංග සහ වසුබන්ධු යන ආචාර්යවරුන්ගේ ශූන්‍යතා දර්ශනයන් පිළිබඳවද මෙහි කරුණු අනාවරණය කර ඇත. බෞද්ධ දර්ශනය හා ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි යෙදෙන විද්‍යාර්ථීන්ට මෙය ඉතා වටිනා කෘතියකි














