සිංහල සාහිත්‍යය රසාස්වාදය විමසුම -Sinhala Sahithyaya Rasaswadaya Vimasuma

Author : ශාස්ත්‍රපති සරත් නිතලව (Shasthrapathi Sarath Nithalawa)

 

මෙය 10 සහ 11 ශ්‍රේණිවල අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ප්‍රවීණ ආචාර්ය සරත් නිතලව මහතා විසින් පිළියෙල කරන ලද අතිරේක සාහිත්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයකි. සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ පාඩම් විචාරාත්මකව විමසා බැලීමටත්, සාහිත්‍ය කෘතිවල රසස්වාදය නිවැරදිව ලබා ගැනීමටත් සිසුන්ට අවශ්‍ය මගපෙන්වීම මෙහි ඇතුළත් වේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සාහිත්‍ය ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයීමට මෙන්ම ගුරුවරුන්ට ද ඉගැන්වීම් කටයුතු සඳහා මෙම ග්‍රන්ථය බෙහෙවින් උපකාරී වේ.

සිංහල සාහිත්‍යය විමසුම – Sinhala Sahithyaya Vimasuma

Author: ශාස්ත්‍රපති සරත් නිතලව (Shasthrapathi Sarath Nithalawa)

 

මෙය අ.පො.ස. සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය සංග්‍රහය හදාරන සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ප්‍රවීණ ආචාර්ය සරත් නිතලව මහතා විසින් සම්පාදනය කරන ලද අතිරේක කියවීම් ග්‍රන්ථයකි. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සාහිත්‍ය පාඩම් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමටත්, විභාග ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු ලිවීමට මෙන්ම සාහිත්‍ය රසවින්දනය උදෙසාත් අවශ්‍ය වැදගත් කරුණු සහ විචාරාත්මක නිරීක්ෂණ රැසක් මෙහි සරලව අන්තර්ගත කර ඇත.

සිහින රැඟුම – Sihina Raguma

Translator : විජිත ගුණරත්න (Vijitha Gunarathna)

 

මෙය නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියෙකු වන ස්වීඩන් ජාතික ඕගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග් විසින් 1901 දී රචිත Ett Drömspel නාට්‍යයේ සිංහල පරිවර්තනයයි.

ඉන්ද්‍ර දෙවියන්ගේ දියණිය මිනිස් ලොවට පැමිණ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට දරන උත්සාහය පදනම් කරගනිමින්, ඉන්දියානු ආගමික සාහිත්‍යයේ ආභාසයද සහිතව මෙය නිර්මාණය වී ඇත. ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථය නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම නාට්‍ය ක්ෂේත්‍රයටද අගනා කෘතියකි.

සුනඛ ආර්යා- Sunaka Aryaa

Author:එරික් ඉලයප්ආරච්චි  (Erick Illiyapparachchi)

 

ඇය පාරභෞතික අවතාරරූපී රාත්‍රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියාගේ දැවැන්ත වැන්දඹු බිරිය වූ ප්‍රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්‍රියා තම වැන්දඹු දිවිය ගෙවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් – අගනගරයක් ලෙස චිත්‍රණය වේ.

සිය සැමියාගේ සමීප හිතවතියකට සිටි ආදිත්‍යයා නම් තරුණ දන්ත වෛද්‍යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්‍රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුවැටක උතුරු යුධ කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පීනැති දේශපාලන රැකවරණය සොයා යන නර්ධා සහ හදිසියේ අතුරුදහන් වන දිනේෂ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්‍ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමුගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පතාකයෙකි. ප්‍රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්‍රී වීථි සුනඛ ප්‍රජාවකි.

සිංහල ප්‍රබන්ධයට අලුත් ක්ෂිතිජ යෝජනා කරන්නා වූ මේ නවකතර චරිතයෝ අධිසැර විද්‍යුත් ධාරා සේ මතුවෙත්. භාව කාව්‍යමය ලෙස අනුවේදිනීය අතීත ස්මරණ හා සමතැන් ගන්නේ කොළඹ මධ්‍යම රාත්‍රී ජීවිතය යි.

ප්‍රියා තම විවාහයට අත්සන් කළ මහා ලේඛකයා කලකට පසු දකින්නේ යෝධයෙකු ලෙස නොව අඟුටුමිට්ටෙකු ලෙසිනි. එය මානවවාදය හා අනගාරිකව බිඳ වැටුණු ලොවක මිනිස් සුසුම හා හෝමෝ – දේශපාලනික විලාපය ලෙස සැලකිය හැකිය.

සුබෝධාකර – සිංහල භාෂා ව්‍යාකරණය – Subodhakara

Author : ජේ. ජේ. රාජපක්ෂ (J. J. Rajapaksha)

 

මෙය ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ නිරත වූ ජේ. ජේ. රාජපක්ෂ මහතා විසින් රචිත ශාස්ත්‍රීය ව්‍යාකරණ ග්‍රන්ථයකි. සාමාන්‍ය පෙළ (O/L) සිට උසස් පෙළ (A/L) දක්වා විභාගවලට මුහුණ දෙන සිසුන්ට මෙන්ම සිංහල විෂය උගන්වන ගුරුවරුන්ට ද අත්‍යවශ්‍ය වන සිංහල භාෂා ව්‍යාකරණ රීති, අක්ෂර වින්‍යාසය සහ නිවැරදි වගන්ති භාවිතය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දෙන පරිදි මෙය සකස් කර ඇත. ගැඹුරු ව්‍යාකරණ සිද්ධාන්ත සරලව හා පියවරෙන් පියවර පැහැදිලි කර දී තිබීම මෙම කෘතියේ විශේෂත්වයයි.

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©