නූතනයේ පහළ වී වදාළ අභිඤ්ඤාලාභී යතිවරයාණෝ – දෙවන කොටස – Noothanaye Pahala Vee Vadala Abhinjnalabhi Yathivarayano

Editors : ලහිරු සඳකැලුම් (Lahiru Sandakalum)

තිළිණ තෙෂාන් (Thilina Theshan)

නූර්ති: රංග මඩල – Nurthi Ranga Mandala

Author: මුදියන්සේ දිසානායක (Mudiyanse Dissanayake)

 

මෙම ග්‍රන්ථය මීට වසර 125කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රියව පැවති “නූර්ති” නම් නාට්‍ය කලා ප්‍රකාරය සහ ඒ හා සබැඳි දුර්ලභ නූර්ති පිටපත් නූතන පාඨකයාට කියවීමට අවස්ථාව සලසා දෙන මහඟු කෘතියකි.
ප්‍රකට නර්තන ශිල්පියෙකු, මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රවීණ හා ජනකලා පර්යේෂකයෙකු වන මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ වසර 53ක රංග කලා ජීවිතය අගයමින් මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. සිංහල නාට්‍ය කලාවේ සම්භවය සහ අතීත නාට්‍ය කලාවේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට මෙය ඉතා වටිනා අත්වැලකි.

පරමාර්ථ ධර්ම විග්‍රහය – Paramartha Dharma Vigrahaya

 

Author: එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න (H. A. K. Nayana Kumari Ariyarathna)

 

මෙම ග්‍රන්ථය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය වෙත ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය නිබන්ධයක් ඇසුරින් සකස් කරන ලද්දකි.

පරමාර්ථ ධර්ම පිළිබඳව ථේරවාද සහ මහායාන බෞද්ධ දර්ශන සම්ප්‍රදායන්හි එන විග්‍රහයන් මෙහිදී තුලනාත්මක විමර්ශනයට ලක් කෙරේ. ස්කන්ධ, ධාතු, ආයතන විභාගය, පටිච්ච සමුප්පාදය, රූපකලාපවාදය, සර්වාස්තිවාදීන්ගේ පරමාණු වාදය, සෞත්‍රාන්තිකයින්ගේ ක්ෂණභංගුර වාදය මෙන්ම ආචාර්ය නාගාර්ජුන, අසංග සහ වසුබන්ධු යන ආචාර්යවරුන්ගේ ශූන්‍යතා දර්ශනයන් පිළිබඳවද මෙහි කරුණු අනාවරණය කර ඇත. බෞද්ධ දර්ශනය හා ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි යෙදෙන විද්‍යාර්ථීන්ට මෙය ඉතා වටිනා කෘතියකි

පහ වසරට සිංහල – Paha Wasarata Sinhala

Author: සඳරුවන් ලොකුහේවා (Sandaruwan Lokuhewa)

 

5 ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයේ අවබෝධය වැඩි දියුණු කර ගැනීමට, ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට අමතර ප්‍රශ්න පත්‍ර හා අභ්‍යාස ලියමින් පුහුණු වීමට මෙය ඉතා යෝග්‍ය පොතකි.

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©