රංගභූමි සහ සිනමා ප්‍රත්‍යවලෝකනය - Rangabhoomi saha Sinama Prathyawalokanaya

රු 1,750.00

Author : ලයනල් රාජපක්ෂ (Lionel Rajapaksha)

'කලාව කලාව සඳහාය, කලාව මිනිසා සඳහාය' යන මත සමාජයේ මුල් බැසගත් චින්තාවන් බව නොරහසකි. කලාව පැවතිය යුත්තේ කලාවේ අභිවෘද්ධිය සඳහා වුවද එය පුළුල්ව ගත් කල එහි සැඟවුණු අරුත නම් ජීව ගුණයෙන් යුත් පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට කලාව උපයෝගී වන බවයි. කලාව ඇසුරෙන් මිනිසා නොඑසේ නම් පාඨකයා ආනන්දයට පත්කිරීමත්, ආනන්දයෙන් ප්‍රඥාවට පත් කිරීමත් නිතැතින්ම සිදු වේ. ඒ අනුව කලා කෘති පරිශීලනයෙන් ජීවිත පරිඥානය ලබා ගැනීමත්, ඒ මගින් ප්‍රායෝගික වශයෙන් පූර්ණ මිනිසෙකු බිහිවීමත් සිදු වේ.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනුම සඳහා නිර්මාණකරුවාට කළ හැකි දේ බොහෝය. ප්‍රායෝගික මෙන්ම පුළුල් චින්තනයෙන් යුතුව සිය නිර්මාණ මගින් හරවත් දේ සමාජයට ලබාදීම ඉන් ප්‍රධානය. අපගේ දෘෂ්ටි පථයෙන් ඈත්ව ගිය ඓතිහාසික නිර්මාණයන්ගෙන් උගත හැකි දේ බොහෝ ය. එය අතීතකාමයට යාමක් හෝ අතීතය උත්කර්ෂයට නැගීමක් නොව නිවැරදි මග තෝරා ගැනීමට කරන පෙළඹවීමකි.

නිර්මාණකරුවාට නව චින්තාවලීන් හා පරිකල්පනයන් තුළින් නව නිර්මාණ බිහි කිරීමට මෙම අතීත කෘතීන් තුළින් කිසියම් ආලෝකයක් ලබාගත හැකි යැයි අපි විශ්වාස කරමු.

Weight 370 g
location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Maintained by Godage Books Emporium IT Dept. 2026 ©