Author: මුදියන්සේ දිසානායක
මෙම ග්‍රන්ථය මීට වසර 125කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රියව පැවති “නූර්ති” නම් නාට්‍ය කලා ප්‍රකාරය සහ ඒ හා සබැඳි දුර්ලභ නූර්ති පිටපත් නූතන පාඨකයාට කියවීමට අවස්ථාව සලසා දෙන මහඟු කෘතියකි.
ප්‍රකට නර්තන ශිල්පියෙකු, මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රවීණ හා ජනකලා පර්යේෂකයෙකු වන මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ වසර 53ක රංග කලා ජීවිතය අගයමින් මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. සිංහල නාට්‍ය කලාවේ සම්භවය සහ අතීත නාට්‍ය කලාවේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට මෙය ඉතා වටිනා අත්වැලකි.












