Sunaka Aryaa

රු 950.00

Erick Illiyapparachchi

ඇය පාරභෞතික අවතාරරූපී රාත්‍රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියාගේ දැවැන්ත වැන්දඹු බිරිය වූ ප්‍රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්‍රියා තම වැන්දඹු දිවිය ගෙවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් – අගනගරයක් ලෙස චිත්‍රණය වේ.

සිය සැමියාගේ සමීප හිතවතියකට සිටි ආදිත්‍යයා නම් තරුණ දන්ත වෛද්‍යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්‍රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුවැටක උතුරු යුධ කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පීනැති දේශපාලන රැකවරණය සොයා යන නර්ධා සහ හදිසියේ අතුරුදහන් වන දිනේෂ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්‍ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමුගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පතාකයෙකි. ප්‍රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්‍රී වීථි සුනඛ ප්‍රජාවකි.

සිංහල ප්‍රබන්ධයට අලුත් ක්ෂිතිජ යෝජනා කරන්නා වූ මේ නවකතර චරිතයෝ අධිසැර විද්‍යුත් ධාරා සේ මතුවෙත්. භාව කාව්‍යමය ලෙස අනුවේදිනීය අතීත ස්මරණ හා සමතැන් ගන්නේ කොළඹ මධ්‍යම රාත්‍රී ජීවිතය යි.

ප්‍රියා තම විවාහයට අත්සන් කළ මහා ලේඛකයා කලකට පසු දකින්නේ යෝධයෙකු ලෙස නොව අඟුටුමිට්ටෙකු ලෙසිනි. එය මානවවාදය හා අනගාරිකව බිඳ වැටුණු ලොවක මිනිස් සුසුම හා හෝමෝ – දේශපාලනික විලාපය ලෙස සැලකිය හැකිය.

Add to Wishlist Browse Wishlist

location

Godage Brothers (PVT) Ltd. 661/665/675

P.de S Kularatne Mawatha, Colombo 10

Stay in touch with us

Be the first to know about the new arrivals, discounts and special offer by subscribing to our email list